avatar
Untitled

Guest 30 2nd Dec, 2019

MARKUP 9.61 KB
                                           
                         #Blue Whale

 කලින් මම දාපු පෝස්ට් එකට ගොඩක් හොද ප්‍රතිචාර තිබ්බා.මම දාපු පළවෙනි පෝස්ට් එකටම ඒවගේ ප්‍රතිචාර තිබ්බ එක ගැන ගොඩක් සතුටුයි😍එවගේම මේ වගේ ගෘප් එකක් හදන්න මුල් වෙච්ච ඇඩ්මින්ලටත් ස්තූති වෙන්න ඕනෙ.දන්නැති දේවල් ගොඩක් දැනගත්තා මේ ගෘප් එක නිසා.

හරි අපි අද මාතෘකාවට බහිමු🙂ඉස්සෙල්ලා පෝස්ට් එක දාපු වෙලාවෙ කට්ටිය ඉල්ලලා තිබ්බා Dark web ගැනත් දාන්න කියලා.ඒ පෝස්ට් එක තාම type කළේ නෑ.ඒක හන්දා අද මේක දාන්නෙ.දෙතුන් දෙනෙක් ඉල්ලපු නිසා පහුගිය අවුරුදු වල කතාබහට ලක්වුණු blue whale game එක ගැන දාන්නම්.දැන් මේ game එක තහනම් කරලා තියෙන්නෙ.ඒ මේ ගේම් එක හින්දා පුද්ගල මරණ 150 කටත් වඩා සිදුවුණ නිසා😲

🐋ආරම්භය

  මේකෙ ආරම්භය ගත්තොත් ඒ කාලය වන විට රුසියාවෙ Facebook වලට වඩා Vkontatke කියන Social media web එක ප්‍රසිද්ධයි.ඒ සමාජ ජාල වෙබ් අඩවියේ රහස් ගෘප් එකක් වුණු 'F57' හරහා ආරම්භ වුණ Online game එකක්.හරියටම කිව්වොත් මේ game එක එන්නෙ 2013 වසරෙ.මේ game එක ඔබේ දුරකථනයට/පරිගණකයට ලබාගැනීමෙන් පසු ඒවගෙ රහස්‍ය තොරතුරු සොරාගන්නවාලු.

මේ game එකේ නිර්මාණය කළේ Philipp Budeikin කියන මනෝ විද්‍යාව හැදෑරූ ඒවගේම විශ්ව විද්‍යාලයෙන් නෙරපා දැමූ අයෙක්.මේ වැඩේ ඔහු තනියම නෙවේ කළේ.කිහිප දෙනෙකුගේම සහය මේකට ලැබුණා.

🐋Game එකේ ස්වභාවය

 මේ ගේම් එකේ තමන් ඉටු කරන්න ඕනෙ task 50ක් තියෙනවා.දවස් 50කින් මේ ඔක්කොම ඉවර කරන්න ඕනෙ.ඒ වගේම මේකෙ එක් එක් තරගකරුවාට නිරීක්ෂකයෙකු බැගින් ලබාදී තියෙනවා.දැන් කට්ටිය අහයි මොකටද මේ නිරීක්ෂකයෙක් ඉන්නෙ කියලා.අපිට පවරපු task එකක් අපි ඉවරකළාම අපි ඒක තහවුරු කරන්න ඒ නිරීක්ෂකයාට Photo/video එකක් Upload කරන්න ඕනෙ.ඒක හරියට කරලනම් විතරයි ඊළග task එක අපිට දෙන්නෙ.😑

දැන් අපි බලමු මේ අභියෝග 50 මොනවද කියලා.(දැනුවත් වීම සදහා පමණි🙂)

1.අතෙහි F57 ලෙස කපාගැනීම
2.උදෑසන 4.20ට අවදි වී නිර්මාපකයන් එවන භීතිය දනවන video නැරඹීම.
3.අතෙහි ශිරා දිගේ කැපුම් 3ක් සිදුකර ගැනීම.
4.කඩදාසියක තල්මසෙකු ඇදීම
5.ඔබ තල්මසෙකු වීමට සූදානම් නම් කකුලක YES ලෙස කපාගැනීම.එසේ නොමැතිනම් දඩුවමක් ලෙස කැපුම් කිහිපයක් සිදුකර ගැනීම.
6.රහස් ලිපියක් ආශ්‍රිත ක්‍රියාකාරකමක්
7.F40 ලෙස අතේ කපාගැනීම 
8."I am a whale" ලෙස Vkontatke හි status update කිරීම
9.ඔබේ බිය නැති කර ගැනීම
10.පාන්දර 4.20 ට අවදි වී වහලයට නැගීම
11.මුවහත් තලයකින් අතේ තල්මසෙකු කපාගැනීම
12.Horror videos දවස පුරා නැරඹීම 
13.නිර්මාණකරුවන් එවන Heavy metal සංගීතයන්ට සවන්දීම(Hungarian Suicide Song)
14.තොල් කපාගැනීම 
15.අතට කීපවරක් ඉදිකට්ටෙන් ඇනගැනීම
16.ඔබව රෝගී කරවන තරම් වේදනාකාරී දෙයක් කරගැනීම
17.ඔබට සොයාගත හැකි උසම වහලයට නැග එහි කෙළවරට වී සිටීම
18.පාළමක ගැට්ටට වී සිටීම
19.දොඹකරයක මුදුනට නැගීම/උත්සාහ කිරීම
20.නිර්මාණකරුවන් ඔබේ විශ්වාසනීයත්වය තහවුරු කරයි.
21.Skype ඔස්සේ මේ game එකේ නියැලෙන පුද්ගලයෙකු සමග කතාකිරීම
22.වහළයක කෙළවර වාඩිවී කකුල් පද්දමින් සිටීම
23-24.තවත් රහස් ලිපියක් ආශ්‍රිත ක්‍රියාකාරකම් 
25.මේ game එකේ නියැලෙන තවත් පුද්ගලයෙක් හමුවීම
26.නිර්මාණකරුවන් ඔබ මියයායුතු දිනය පවසනු ලබන අතර ඊට එකග වීම
27.උදෑසන 4.20ට අවදිවී දුම්රිය මාර්ගයකට යාම
28.සම්පූර්ණ දවසක් කිසිවෙකු සමග කතා නොකිරීම
29.ඔබ තල්මසෙකු බවට ප්‍රතිඥා දීම
30-49.සෑම දිනකම උදෑසන 4.20 ට අවදිවී horror videos නැරඹීම,සංගීතයට සවන් දීම,දිනකට එක් කැපුම බැගින් සිදුකර ගැනීම
50.ගොඩනැගිල්ලකින් පහළට පැන සියදිවි නසාගැනීම😐

 මම උඩ කිව්වා මේ game එකෙන් ඔබේ පරිගණකය හෝ දුරකථනයේ රහස්‍ය තොරතුරු සොරාගන්නවා කියලා.එහෙම උනාට පස්සෙ ඔබ මේ game එකෙන් ඉවත් වෙන්න හැදුවත් ඔබට දිගින් දිගටම තර්ජනය කරනවාලු.ගැලවීමක් නෑ.😑

🐋මේ Game එක නිසා සිදුවූ මරණ කිහිපයක්

1.Yulia Medvedeva(වයස 13)සහ I.Gabdulkhakova(වයස 15)
 මේ දෙන්නා කෝච්චි පාරක් උඩ බදාගෙන ඉදලා තියෙනවා.ඒත් එක්කම කෝච්චියේ හැප්පිලා දෙන්නා විසිවෙලා Yulia එතනම මැරෙනවා.අනිත් කෙල්ල hospital එක්කන් ගියත් බේරගන්න බැරිවෙලා.මේ දෙන්නා මැරෙන්න ඉස්සෙල්ලා ඒ දෙන්නගෙම social media accounts delete කරලා😐

2.Yulia Konstantinova(වයස 15) සහ Veronika Volkova(වයස 16)
 මේ දෙන්නා තට්ටු 14 ක් උස Apartment එකක වහලයක් උඩින් පැනලා සියදිවිනසාගෙන.පේනවිදිහට 50ම ඉවර කරලා වගේ.Yulia මැරෙන්න ඉස්සෙල්ලා Social media වල "End" කියලා නිල් තල්මහෙකුගෙ පින්තූරයකුත් එක්ක note එකක් දාලා.

ඉතින් කොහොම හරි මේ විදිහට මරණ සිදුවුණ නිසා පොලීසිය මේ game එක නිර්මාණය කරපු Philipp Budeikin ව සහ මේ game එකේ Admin Panel එකේ හිටපු 17 හැවිරිදි තරුණියක්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා.ඒ 2016 දි.Philipp මේ game එක ගැන කියලා තියෙන්නේ තමන් කරලා තියෙන්නෙ සමාජ සත්කාර්යයක් බවත් ලෝකයට අනවශ්‍ය මෝඩ ජීවිත මේ ලෝකයෙන් තුරන් කළ යුතු බවත් ය.😏

Source-Internet
....✏#KingDN
                      
                                       
To share this paste please copy this url and send to your friends
RAW Paste Data
Recent Pastes